රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ටද විශ්‍රාම වැටුප් ලබාගත හැකි ක්‍රමවේදයක් ඉතා ඉක්මනින් සකස් කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඊයේ (30දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කීය. ආර්ථිකයේ එන්ජිම වැඩ කරන ජනතාව බවත්, සමාජීය වෙළෙඳ පොළ සහ ආර්ථික දැක්මක් යටතේ රජය කටයුතු කරන බවත් හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.