පෝෂණවේදීන්ගේ ගණන 25 සිට 592 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව පෝෂණවේදය, පශ්චාත් උපාධිය සහිත පෝෂණවේදීන් 567 ක් බඳවාගැනීමට සැලසුම් කර ඇත.
පෝෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට හා අනෙකුත් කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් තරම් නිලධාරීන් නොමැති බවට පෝෂණවේදීන්ගේ සංගමය පෙන්වා දීමෙන් පසු උපාධිය අවසන් කර ඇති 567 දෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට බඳවාගැනීමට තීරණය කර තිබේ.
දැනට සමස්ත සෞඛ්‍ය සේවයම සේවය කරනු ලබන්නේ පෝෂණවේදීන් 25 දෙනෙකු පමණක් බවද වාර්තා වේ.
මේ නිසා තවත් 567 දෙනෙකු එම සේවයට බඳවාගැනීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.