පෝලන්ත රජයේ මාධ්‍ය මර්දනයට එරෙහි විරෝධතා
පෝලන්ත රජය එරට මාධ්‍ය මර්දනයට සූදානම් බව පවසමින් විරුද්ධ පක්ෂවලද සහාය ඇතිව විරෝධතාකරුවෝ වෝසෝව් හි පාර්ලිමේන්තු සංකීර්ණය වට කළ බව විදෙස් වාර්තා පවසයි.
පෝලන්ත රජය විසින් පාර්ලිමේන්තුව ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන් සීමා කිරීම සඳහා නව නීති හඳුන්වාදීමට සූදානම් වීම මෙම විරෝධතාවට ප්‍රධාන හේතුව වී තිබේ.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී වූ මෙම විරෝධතාව නිසා එරට අයවැය ඡන්ද විමසීමද ප්‍රමාද වී තිබූ අතර, එය පාර්ලිමේන්තුවේ ප්‍රධාන සභාගැබෙන් පිටතදී පසුව සිදුකළ බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, ප්‍රධාන සභාගැබෙන් ඔබ්බට ගොස් නීති විරෝධී ආකාරයෙන් අයවැය සම්මත කරගැනීමක් සිදුව ඇතැයිද, එම අවස්ථාව මාධ්‍යයෙන් වසන් කර ඇතැයිද විරුද්ධ පක්ෂ චෝදනා කරමින් විරෝධතා උත්සන්න වී තිබේ.
1989 වසරේදී එරට තුළ යළි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමෙන් පසුව මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන සභාගැබෙන් පිටත අයවැය ඡන්දයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු අයවැය සම්මත කරගැනීම සඳහා වූ ප්‍රමාණවත් මන්ත්‍රීවරු පැමිණි පසුව එය නීත්‍යානුකූලව සිදුකළ බව පාලක පක්ෂය පවසයි.

.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

