පැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේ තමන්ව පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දුන් බව සඳහන් කරමින් පෝද්දල ජයන්ත මහතා අද (20දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
2009 වසරේ ජුනි මසදී සිදු වූ සිදුවීම පිළිබඳව වසර අටකට පසුව ඔහු සිය පැමිණිල්ල ඉදිරිපත් කළේය. සුදු වෑන් රියකින් ඔහුව පැහැරගෙන ගොස් පහරදී මහ මග දමා ගොස් තිබුණි. පසුව ඔහු විදෙස් ගත විය.