කොළඹ මූල්‍ය නගරයට (පෝට්සිටි) අදාළව සින්නක්කරයට තිබුණු ගිවිසුම වෙනස් කර අවුරුදු 99ට බවට පත් කරගැනීම සඳහා වත්මන් ආණ්ඩුව රුපියල් කෝටි 2,600ක වන්දියක් ගෙවා ඇතැයි විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා අද (07දා) පැවසීය.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසුව කොන්ත්‍රාත්කරුවන් මාරු කිරීම නිසා මෙම වන්දිය ගෙවිමට සිදුව ඇතැයිද හිටපු සභාපතිවරයා සඳහන් කළේය.
“සාමාන්‍යයෙන් අපි දන්නවා කොන්ත්‍රාත්කරුවන් මාරුකරන්නේ මොන හේතුවක් නිසාද කියලා. ඒක මේ රටේ ජනතාවට කියන්න අවශ්‍ය නැහැ.* යනුවෙන් හෙතෙම පවසා සිටියේය.