කොළඹ වරාය නගර ව්‍යාපෘතියට (පෝර්ට් සිටි) එරෙහිව කතෝලික සභාවේ සියලු පියතුමන්ලා හා ගිහි ජනතාව ඒකරාශී කිරීමට ශ්‍රී ලංකා කතෝලික සභාව තීරණය කර ඇත.
කතෝලික සභාවේ නිල පුවත්පත වන ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ අද (06දා) ප්රරරධාන ශීර්ෂ පාඨයෙන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ විරෝධතාව පළ කර ඇති අතර එමගින් මුහුද අවට ධීවරයින්ට සිදුවන හානියද පෙන්වා දී තිබේ.
විරෝධය පළ කිරීමේ වැඩසටහන් මේ වන විට සැලසුම් කර ඇති අතර ඉදිරි දින කිහිපයේදී මෙම විරෝධතා මාලාව සෑම මීසමක් ආශ්‍රිතවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා කතෝලික සභාව පවසයි.