පොළොන්නරුව විසි අටේ (28) කණුව ප්‍රදේශයේ නිදන් හාරමින් සිටීයැයි කියන පුද්ගලයින් (06) දෙනෙකු අද (24දා) අලුයම පොළොන්නරුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හම්බන්තොට, මාතර, අනුරාධපුර, පොලොන්නරුව හා අරලගන්විල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
එසේම නිදන් හැරීම සදහා උපයෝගී කරගත් උපකරණ තොගයක් මෙන්ම ඩිෆෙන්ඩර් රථයක් හා ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ඩිෆෙන්ඩර් රථයේ අනන්‍යතාව සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.