පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පොළොන්නරුව විසිඅටේ කණුව ප්‍රදේශයේ සිදුකළ පුරාවිද්‍යා කැණීම් ඇසුරෙන් ප්‍රතිමා ගෘහයක්, කුඩා චෛත්‍යයක්, බුද්ධ ප්‍රතිමාවක හිසක්, බුදු පිළිම දෙකක් සහ බෝධිසත්ත්ව පිළිම දෙකක් හමු වී තිබේ.
මෙහිදී හමුවී ඇති ප්‍රතිමා ගෘහයෙහි ගර්භයෙහි උස අඩි 10-15ක් අතර වන බවත්, චෛත්‍යය වේදිකාවක් උඩ ඉදිකළ කුඩා ප්‍රමාණයේ එකක් බවත්අනාවරණය කරගෙන ඇති අතර, මෙම පුරාවස්තුවල කාල නීර්ණය කිරීම් සහ ඓතිහාසික වැදගත්කම් සම්බන්ධව ඉදිරියේදී තොරතුරු අනාවරණය කළ හැකි බවද කැණීම් නිලධාරීහු පවසති.
පසුගිය මාර්තු මාසයේ සිට ආරම්භ කරන ලද මෙම පරිශ්‍රයේ කැණීම් කටයුතු මැයි මස අග තෙක් ක්‍රියාත්මක වන අතර, ජුනි මාසයේදී සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
පොළොන්නරුවේ මෙම කැණීම් හරහා හඳුනාගත් පුරාවස්තු සංරක්ෂණයටද ඉදිරියේදී පියවර ගැනීමට අපේක්ෂිතය.