2014 / 15 මහා කන්නයේ පොළොන්නරුව දිස්ත්රික්කයේ ගොවි ජනතාවගේ වී මිලදී ගැනීමේ කටයුතු අද (19දා) ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය කියයි.
මේ අනුව එක් ගොවියෙකුගෙන් වී කිලෝ දෙදහසක් මිලට ගන්නා බවත් පොලොන්නරුව දිස්ත්රික්කයේ වී මෙට්රික් ටොන් 50000 ක් මිලට ගැනීමට සූදානම් බවත් වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්රාදේශීය කළමණා කරු ඒ.ජි නිමල් ඒකනායක මහතා පැවසීය.
වී මිලදී ගැනීම රජයේ සහතික කළ මිලට අනුව සිදුකරන බවද හෙතෙම පැවැසීය.