පොළොන්නරුව මහ රෝහලේ නව හෘද රෝග ඒකකය අද (28) පෙරවරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.
නවීන උපාංග සහිතව ඉදිකර ඇති මෙම හෘද රෝග ඒකකය ඇඳන් 48 කින් යුත් වාට්ටුවකින් සමන්විතය. එමෙන්ම රෝහලේ පැවති තවත් අඩු පාඩුවක් සපුරාලමින් රුපියල් මිලියන 47 ක වියදමින් ඉදිකළ නවීන පහසුකම් සහිත ආපන ශාලාව සහ රැඳී සිටීමේ මධ්‍යස්ථානයද ජනපතිවරයා විසින් ජනතා අයිතියට පැවරිණි.
රුපියල් මිලියන 465 ක වියදමින් ඉදිකිරීමට අපේක්ෂිත හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය සඳහා මුල් ගල් තැබීමද මේ හා සමගාමීව ජනපතිවරයා අතින් සිදුකෙරිණි.