පොළොන්නරු දිස්ත්‍රික්කය අධික මන්දපෝෂණයෙන් පෙළෙන දිස්ත්‍රික්කයක් බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
උතුරු මැද පළාත් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ විමධ්‍යගත මූල්‍ය ප්‍රතිපාදන මත අද (25දා) පෙරවරුවේ පොළොන්නරුව ධවල මන්දිරයේදීකෘෂිකර්ම උපකරණ කට්ටල තොගයක් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා,
“පොළොන්නරුව දිස්ත්‍රික්කය මන්දපෝෂණය වැඩිම දිස්ත්‍රික්ක දෙක අතර එකක්. රටේ සංවර්ධනය ගැන කතා කරනකොට ඒ අභියෝග ජයගැනීමට අවශ්‍යයි. දරුවෙකුට මන්දපෝෂණය හැදුණාම ශරීරයේ සහ මොළයේ වර්ධනය සිදුවන්නේ නැහැ. පොළොන්නරුව වගේ සහල් නිෂ්පාදනය කරන ප්‍ර‘දේශයක දරුවන්ට මන්දපෝෂණය තිබීම ලැජ්ජාවට කරුණක්* යැයි පැවසීය.