පොළොන්නරුව, මනම්පිටිය ඇතුළු ස්ථාන නවයකින් වැලි නිකුත් කිරීම අද (22දා) සිට දින නියමයක් නොමැතිව කල්දැමීමත් සමග තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ඉදිකිරීම්කරුවන්, වැලි ප්‍රවාහන ටිපර් රථ හිමියෝ පවසති.
මහවැලි හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින මනම්පිටිය ජී.එස්.එම්.බී.තාක්ෂණික සේවා සමාගමේ ව්‍යාපෘති කළමනාකාර තරිඳු වික්‍රමනායක මහතාගේ නිල රථයට සහ පෞද්ගලික වාහනයට ස්ථාන දෙකකදී පසුගිය (21දා) රාත්රියේදී මැර පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාර එල්ල කර එම වාහනයට අලාභහානි කිරීම නිසා එම මැර පිරිස අත්අඩංගුවට ගන්නා තුරු වැලි නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
මෙම තත්ත්වය සමග සේවකයින් 400 ක පිරිසක් වැලි ටිපර් රථ හිමියන්, රියදුරන් 200 මෙන්ම කම්කරුවෝ රැසක් දැඩි පීඩාවට පත්ව සිටිති.
මනම්පිටිය නිමල් ජයරත්න