පොළොන්නරුව නගරයෙන් පිටත සීමාව තුළ පුරාවිද්‍යාත්මක වැදගත්කම සොයා බැලීම සහ පොළොන්නරුව ශිෂ්ටාචාරය පිළිබඳ තොරතුරු සෙවීමට පොළොන්නරුව පුරවිද්‍යා පස් අවුරුදු ව්‍යාපෘතිය හෙට (28දා) සිට ආරම්භ කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
මහාචාර්ය රොබින් කනිංහැම් මහතා මෙම ව්‍යාපෘතියේ සමඅධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර, බ්‍රිතාන්‍ය, ඉන්දියාව, නේපාලය ආදි රටවල විශේෂඥයන් පිරිසක් මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධවීමට නියමිතය.
මධ්‍යම සංස්කෘතික අරමුදල සහ මහා බ්‍රිතාන්‍ය ඩැරම් විශ්වවිද්‍යාලය අතර සහයෝගිතා වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.