ජනාධිපතිධුරයේ බලතල අඩුකිරීම සම්බන්ධයෙන් ජනතාවට දුන් පොරොන්දුව අනිවාර්යයෙන් ඉෂ්ට කිරීමට මම බලාපොරොත්තු වෙනවා. 19 වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමට අපි 20 වැනි දිනට යොදා ගත් බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09දා) පුලිතිසිපුර ජාතික අධ්‍යාපන පීඨයේදී ප්‍රකාශ කළේය.
තවද පාර්ලිමේන්තුව තුළ විවිධ හැලහැප්පීම් තිබෙන බවත් එම ගැටලු ඉදිරි මහ මැතිවරණයේදී අවසන් වන බවද ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය. 19 වැනි ව්‍යවස්ථාව සම්මතවූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින් බවත් ඔහු කීවේය.