වවුනියාව පත්තියාර් මයිලන්කුලම් ප්රදේශයේ නව නිවසක් ඉදිකිරීම සඳහා ඊයේ (09දා) නිවැසියන් සිදුකළ පොළොව කැණීමකදී වළදමා තිබූ මෝටාර් බෝම්බයක් හමුවී ඇතැයි වවුනියාව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව පොලීසියට ලැබුණ තොරතුර මත වහාම ක්රියාත්මක වෙමින් අදාළ මෝටාර් බෝම්බය එම ස්ථානයෙන් ඉවත් කර අධිකරණ නියෝගය මත නිශ්ක්රීය කළ බව වවුනියාව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම මෝටාර් බෝම්බය පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වළදමා ඇති බවට සැකකරන බවත්, සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.