මින් ඉදිරියට පොහොර ගබඩා වෙත රැගෙන යාමට පෙර වරායේදීම පොහොර සාම්පල් පරීක්ෂාව සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. මෙරටට ආනයනය කරන ලද පොහොර මෙටි්රක් ටොන් 30,000ක් නිසි ප්‍රමිතියකින් තොරව ඇසුරුම් කර ඇති බවට අනාවරණ වීමත් සමග කොළඹ වරායේ නැංගුරම්ලා ඇති පොහොර නෞකාවන් දෙකක් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ පරීක්ෂාවට ලක්විය. එම පොහොර නිසි ප්‍රමිතියට නොතිබු බවඳ ඒසම්බන්ධයෙන් වන පාඩුව අදාල ආයතන වෙත බැරකරන බවද අමාත්‍යවරයා පැවසීය
වෙනදා නැවෙන් ගොඩබාලා අදාල ආයතන වෙත ගෙනගියාට පසුවයි අපි සාම්පල පරීක්ෂා කරන්නේ . නමුත් මින් ඉදිරියට නැවේදීම පොහොර බැමේදීම අදාල සාම්පල පරීක්ෂාකීරීමට කටයුතු කරනවා යැයි අදහස් දක්වමින් අමාත්‍යවරයා කීය