පොහොර සහනාධාරය අඛණ්ඩව ගොවීන්ට ලබා දීමට තීන්දු කළ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා 'අද' පුවත්පතට පැවසීය.
"අපි මුදල් අමාත්‍යාංශයත් සමග සාකච්ජා පැවැත්වූවා. එහිදී අපි තීන්දු කළා සහනාධාර මිල ගණන් යටතේ ගෙන්වූ සියලුම පොහොර රුපියල් 1200 ට හා 1300 යන පැරණි මිලටම ගොවි ජනතාවට ලබාදෙන්න.එයට ප්‍රධානම හේතුව සහනාධාර ක්‍රමය යටතේ ගෙන්වන පොහොර සඳහා එම ආනයනික සමාගම් වලට දැනටමත් ආණ්ඩුවෙන් සහනාධාරය ගෙවන්න බැදිලා ඉන්නවා. දෙසැම්බර් මස 31 වැනි දිනට කලින් තමයි මේ පොහොර ඇණවුම් කරලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට සහනාධාර මුදල ආණ්ඩුව මගින් ලබාදීමට එකඟ වෙලා තියෙනවා. මේ නිසා කිසිම සමාගමකට පුළුවන්කමක් නෑ ආණ්ඩුවේ පොහොර සහනාධාරය ලබා ගන්න ගමන් වැඩි මිලට පොහොර විකිණීමට. යූරියා, එම්.ඕ.පී, ටී.එස්.පී කියන මේ සියලුම පොහොර ආණ්ඩුවේ සමාගම් දෙකෙන් ගෙනාවත්, පුද්ගලික සමාගම් වලින් ගෙනාවත් කවරයේ සඳහන් කරලා තියෙනවා සහනාධාර පොහොර කියලා. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් වැඩි මිලට පොහොර ගන්න එපා කියලා මම ගොවි මහතුන්ගෙන් ඉල්ලීමක් කරනවා" අමාත්‍යවරයා පැවසීය.