පළාත් පාලන මැතිවරණයේදී ආයතන පහක් සඳහා ඉදිරිපත් කොට තිබු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඒකාබද්ධ පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහම විභාගයට නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය අද (23දා) ප්‍රතික්ෂේප කළේය.
පානදුර මහ නගර සභාව සහ දෙහිඅත්තකණ්ඩිය, අගලවත්ත, තිරප්පණේ සහ වැලිගම ප්‍රාදේශිය සභා ස`දහා ඉදිරිපත් කරන ලද පෙත්සම් මෙසේ ඉවත දැම්මේය.
බුවනෙක අලුවිහාරේ, කේ.ටී.චිත්රසිරි සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම් විභාගයට නොගෙනම මෙලෙස ප්‍රතික්ෂේප කළේය.