ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි සංවත්සරය නොවැම්බර් 01වැනිදා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
පක්ෂය සම්බන්ධව අවතක්සේරු කරන පුද්ගලයන්ට එදිනට පක්ෂයේ ශක්තිය පෙන්වන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටඅවශ්ය නම් පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීමට අවස්ථාව තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද (04දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී පවත්වන මැතිවරණයකින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආයු කාලය තීරණය වනු ඇති බවයි.