ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙටවීමට හා එකිනෙකා ඈත් කරවීමට යම්යම් කොටස් ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (19දා) පැවසීය.
එම භේද කිරීම්වලට යටත් නොවී නිහතමානීව, සමගිව ජනතාවට සේවය කිරීමට සැලසුම් කර තිබෙන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
“අපේ පක්ෂය ලංකාවේ තියෙන ප්‍රබලම පක්ෂය වෙලා තියෙනවා. මහජන නියෝජිතයන් වැඩියෙන්ම ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. අවුරුදු එකහමාරක් වැනි කාලයකදී අපේ පක්ෂය වර්ධනය වුණා. මහජන නියෝජිතයන් වැඩිවුණාම අපට වගකීම් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ගහක වුණත් අස්වැන්න වැඩිවෙන කොට නැමෙනවා, බිමට පහත් වෙනවා. ඒ නිසා මහජනතාවට ආඩම්බර නොවී පක්ෂපාතී වෙලා අපි වැඩ කරනවා. මහින්ද ජනාධිපතිතුමා හා සාමාජිකත්වය තමයි අපේ ශක්තිය.
නොවැම්බර් මාසයේ පටන් ගත් ඡන්දය ඊයේ ඉවර වුණේ. ඉදිරි කාලයේදී මහින්ද ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රටේ පාලනය ලබා ගැනීම තමයි එකම පරමාර්ථය. අපිව කොටවන්න, අපිව ඈත්කරවන්න යම්යම් කොටස් ක්‍රියා කරාවි. නමුත් ඒවාට අපි යටත් වෙන්නෑ. නිහතමානීව, සමගිව ජනතාවට සේවය කරන්න අපි හිතාගෙන ඉන්නවා'' යනුවෙන් පවසා සිටියේය.