ශ්රී ලංකා පොදුජන පෙරමුණ යනු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් නොවන බව හිටපු ජනපතිනී චන්ද්රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසයි. කුමාරතුංග මහත්මිය ඒ අදහස දක්වා තිබුනේ වත්තල, හුණුපිටිය ප්රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.
එසේම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සිටින්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් බවත්, එහි දූෂණ වංචා වලට සම්බන්ධ නොමැති හොඳ පිරිසක්ද සිටින බවත්, එම පිරිසට පෙබරවාරි හත්වන දින දක්වා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දොරටුව විවෘතව පවතින බවත් හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් ප්රකාශ කළාය.