මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර වන්දනාවේ යෙදෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය වාර කිහිපයක් එක්කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්.රත්නායක මහතා 'අද' ට පැවසීය.
ඒ අනුව මේ මස 31 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මධ්‍යහ්න 12.45 ට, ජූනි මස 01 දා පෙ.ව. 3.45, 11.00, මධ්‍යහන 12.45, ප.ව. 6.00, 11.15, ජූනි මස 02 දා ප.ව. 3.45 ට මෙම විශේෂ දුම්රියන් ගමන් කිරීමට නියමිතය.