රජය මගින් ගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝෂණ මල්ලට පරිභෝජනයට නුසුදුසු තත්වයේ තිබූ ආහාර ද්‍රව්‍ය ලබාදුන් මස්කෙළිය ප්‍රදේශයේ තොග වෙළෙඳසැල් හිමියට එරෙහිව නීතිමය පියවර ගන්නා බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේය.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී බල ප්‍රදේශයේ තේ වතු තුනක ගැබිනි මව්වරුන් පන්සියයකට පමණ මාර්තු මාසයේ පෝෂණ මල්ලේ බඩු අද (06දා) ලබාදෙන අවස්ථාවේ එම පෝෂණ මල්ලට කල්ඉකුත්වූ පරිභෝජනයට නුසුදුසු තත්වයේ තිබෙන හාල්මැස්සන් සහ රතුසහල් එක්කර තිබුණි.