පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතනවලට තේරි පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන්ට ‘මහත්මා ගාන්ධි’ කෘතිය සහ නෙල්සන් මැන්ඩෙලා ස්වයංචරිතාපදානය වූ ‘ආදරණීය මැන්ඩෙලා’ කෘතිය ජනාධිපතිවරයා විසින් පිළිගැන්වීය. එම මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට අද (26දා) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී එක්වෙමින් ජනපතිවරයා මෙම ග්රන්ථ ලබාදුන්නේය.