පොලොන්නරුව දිස්ත්රික්කයට පවතින නියං කාලගුණ තත්ත්වය සම්පූර්ණයෙන් ම පහව ගොස් නැතැයි පොලොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
දින කිහිපයක් පොලොන්නරුව දිස්ත්රික්කයට කඩින් කඩ වර්ෂාව පැවතිය ද නියං තත්ත්වය සම්පූර්ණයෙන් ම පහව ගොස් නැති අතර ම වර්ෂාව හේතුවෙන් එතෙක් පැවැති දැඩි වියළි ස්වභාවය තුරන් වී ගොස් ඇති බව සඳහන් කරන දිස්ත්රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා පානීය ජල ගැටලුව එලෙසම පවතින බවද සඳහන් කරයි.
මේ වන විට නියඟය හේතුවෙන් දිස්ත්රික්කයේ ග්රාම නිලධාරී වසම් 183ක පවුල් 60,702කට ආසන්න පුද්ගයන් 203,535දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ඉන් පවුල් 37,040කට අයත් පුද්ගයන් 133,992 වෙත පානීය ජලය සැපයීමට හැකි තත්ත්වයේ පවතී.