ව්පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිජනපතිවරණයේදි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංඝරත්නයේ සහාය ලබාදෙන බව වැලිකන්ද ප්‍රදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වැලිකන්දේ රාහුලලංකාර හිමියෝ පැවැසූහ.
පොලොන්නරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේය.
මෙහිදි මෛත්‍රීපාල සිරසේන මහතාගේ ජීවිතයට අනතුරක් ඇති බවට වාර්තාවන තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් උන්වහන්සේ පැවැසුවේ එවැනි ආකාරයක හානියක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවුවහොත් සංඝරත්නය මෙන්ම පොලොන්නරු ජනතාවද එයට එරෙහිව පෙළගැසෙන බවයි.