ශ්‍රී ලංකා පොලීසියේ විනය දැඩිව පිරිහී ඇති බවට චෝදනා කරමින් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැඩිව උපදෙස් දී ඇති බව %අද^ ට වාර්තා වේ.
අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොලිස් වෙඩි තැබීමකින් කතරගමදී තරුණයෙකු මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් හා අමාත්‍යවරයා අතර වූ විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් මෙලෙස උපදෙස් දී ඇති බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් සිදු කර වහාම තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා විසින් එහිදී පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කර ඇත්තේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින හා නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක කිරිමට බැඳී සිටින පොලීසියේ ඇතැම් වගකීම් විරහිත ක්‍රියාකලාපයන් කනගාටුවට කරුණක් වන බවයි.
මේ අතර, සිය %ෆේස්බුක්^ ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කර තිබුණේ පොලිස් සේවයප්රතිසංවිධානයකොට පොලිස් නිලධාරීන්ගේ පුහුණුව සහ වෘත්තීයමයභාවය ඉහළ තලයකටගෙන ආ යුතු බවත්, ඒ අනුව, එහි මූලික පියවරමේ වනවිට ආරම්භ කර ඇති බවත්ය.
එසේම, පොලීසියද අන් සියලු පාර්ශ්වමෙන්ම නීතියට යටත් වන අතර, උණුසුම් තත්ත්වයක් පාලනයකිරීමේදී වෘත්තීයමය නිර්ණායකවලට යටත්ව යුක්ති සහගත බලයක් පමණක් යෙදීමටකටයුතු කළ යුතු බවටද හෙතෙම එහිදී පෙන්වා දී තිබිණි.
පොලීසියද අන් සියලු පාර්ශ්ව මෙන්ම නීතියට යටත් වන අතර, උණුසුම් තත්ත්වයක් පාලනයකිරීමේදී වෘත්තීයමය නිර්ණායකවලට යටත්ව යුක්තිසහගත බලයක් පමණක් යෙදීමටකටයුතු කළ යුතුය.
කතරගම වෙඩි තැබීමත්, ඉන්පසුව ඇති වුණු සිද්ධිදාමයත්විමසා බැලීමේදී මේ මූලික සිද්ධාන්තවලින් බැහැරව පොලීසිය ක්‍රියා කොට ඇතිබව පෙනීයයි. මෙම කාරණයම මම ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී පොලිස්පතිතුමාටත්,නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් අවධාරණය කළෙමි.
එමෙන්මමෙයට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව ඉතා ඉක්මනින් දැඩි පියවර ගන්නා ලෙසදනියෝග කළෙමි. එහෙත් එයින් පමණක් මෙබඳු සිදුවීම් ඉදිරියේදී ඇතිවීම වළක්වාගැනීමට හැකි වේ යැයි මම විශ්වාස නොකරමි. ඒ සඳහා පොලිස් සේවයප්රතිසංවිධානයකොට, පොලිස් නිලධාරීන්ගේ පුහුණුව සහ වෘත්තීයමයභාවය ඉහළ තලයකටගෙන ආ යුතුය. එහි මූලික පියවරමේ වනවිටත් ආරම්භ කොට ඇත* යනුවෙන්ද ඔහු සිය %ෆේස්බුක්^ ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.