පදම ඉක්මවා මත්පැන් පානය කර කසිප්පු වැටලීමේ මුවාවෙන් ආරච්චිකට්ටුව වෙලන්කැලේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි කාන්තාවකට හිරිහැර කිරිමට ගොස් ගම්වාසීන්ගෙන් ගුටි කා රෝහල් ගත කර ඇති බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරිමට තීරණය කළ බව හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.සාලිය ද සිල්වා මහතා පැවසීය.
මෙසේ වැඩ තහනම් කර ඇත්තේ හලාවත පොලීසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රභාත් බන්දුල දිසානායක සහ එම ඒකකයේ කොස්තාපල් ප්‍රසන්න (31644) යන දෙදෙනාය.
මොවුන් දෙදෙනා ඊයේ (12දා) රාත්‍රී මෙම නිවසට බලහත්කාරයන් ඇතුලු වී එහි පුටු දෙකක අසුන් ගෙන ඒ අවස්ථාවේදී තමන් හමුවට ආ නිවසේ කාන්තාවක බිය ගන්වා තමන් පොලිස් නිලධාරීන් බවත් මෙම නිවසෙහි කසිප්පු විකුණන නිසා වහාම එම කසිප්පු තමන්ට ලබා දෙන ලෙසට තර්ජනය කර පහර දීමට තැත් කළ විට ඇය කැ ගැසූ පසු අසල්වාසීන් හා එක්ව මෙම දෙදෙනාට පහර දී සිද්ධිය හලාවත පොලිසියට දැනුම් දී තිබුණි.
හලාවත සුපුන් හංසන