වරකාපොළ පොලීසියේ රාජකාරියේ නිරතු පොලිස් සැරයන්වරෙකුට හා පොලිස් කොස්තාපල්වරයෙකුට වරකාපොළ, තෝලංගමුව ප්රදේශයෙදී පිහියෙන් ඇනතිබේ.
ඊයේ (23දා) රාත්රියේදී මෙම සිදුවීම සිදුව තිබේ. තුවාල ලත් පොලිස් නිලධාරීන් දෙදෙනා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කෑගල්ල රෝහලට මාරුකර යවා තිබේ.
තෝලංගමුව විහාරස්ථානයේ හිමිනමකට බීමතින් පැමිණි පුද්ගලයෙකු කලබල කරන බවට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.