ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත්කරනතුරු වැඩ බැලීමේ තනතුරු ලබාදීමට කටයුතු කර තිබේ.
සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මෙම කටයුතු සිදුකර තිබේ.
මේ අනුව බස්නාහිර පළාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස්පති සහායක සේවා ලෙස පොලිස් මූලස්ථානයට මාරුකර යවා ඇති අතර, උතුරු පළාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත.
සබරගමු පළාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පෙලිස්පති ලෙසත්, යාපනය දිස්ත්‍රික්කය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතා පොලිස් මූලස්ථානයේ විශේෂ රජකාරිවලටත් යොදවා තිබේ.
මීට අමතරව නැගෙනහිර පළාත භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඌව පළාතේ වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් දකුණු පළාත භාරව කටයුතු කරන සී.ඩී. වික්‍රමරත්න මහතා සබරගමුව පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත්කර ඇත.