මහජන සාමයට බාධාවක් නොවන අන්දමට සාමකාමීව කටයුතු කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ට නියම කළාය.
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්රාව අත්හිටුවීමට නියෝගයක් ලබා දෙන ලෙස පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අජිත් පුෂ්පකුමාර මහතා කල ඉල්ලීමකට අනුමැතිය ලබා දීම ප්රතිෙක්ෂප කරමින් එලෙස නියම කළ මහෙස්ත්රාත්වරිය සාමය කඩවන අන්දමේ යම් සිදුවීමක් වුවහොත් හෝ දේපළවලට හානිවන අන්දමේ යම් සිදුවීමක් වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද නියම කළාය.
මහනුවරින් ඇරඹී පාද යාත්රාව හෙට (01 දා) වනවිට කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹ බලා ගමන් කරන බවත් ඉන් නගරයේ රථවාහන ගමනාගමනයට බාධා විය හැකි බවත් දැනුම් දෙමින් මෙම පාද යාත්රාව අත්හිටුවීමේ නියොගයක් හෝ නැත්නම් ප්රධාන පාරේ වම් එක් මංතීරූවක ගමන් කරන ලෙස හෝ නියම කරන්නැයි පෑලියගොඩ පොලිසිය ඉල්ලීමක් කොට තිබිණි.