දැයට කිරුළ ප්රදර්ශනය සඳහා සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් සඳහා දින තුනක නිවාඩුවක් ලබාදීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා තීරණය කර තිබේ.
ඒ අනුව රථ වාහන හා ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් 6000කටත්, පොලිස් ප්රදර්ශන කලාපයේ විවිධ රාජකාරි සඳහා යෙදී සිටි පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් 3000කටත් හෙට (03 දා) සිට දින තුනක නිවාඩුවක් හිමිවන බව පොලිස් මූලස්ථානය පවසයි.