මැයි මස 01 වැනිදා දක්වා දිගුකර තිබූ පොලිස් නිලධාරීන් 10,000කගේ ස්ථාන මාරු පෙබරවාරි 10 වැනිදා සිට නැවත ක්‍රියාවට නැංවීමට පොලීසිය තීරණය කර තිබේ.
2015 ජනවාරි 01වැනිදා සිට මෙම ස්ථාන මාරුවීම් පළමුවරට ක්‍රියාත්මක කිරීමට තිබුණද ජනාධිපතිවරණය හේතුවෙන් එය පෙබරවාරි 01 වැනිදා තෙක් කල්දමනු ලැබීය.
කෙසේ වෙතත් උතුර - නැගෙනහිර ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට සේවය කරන පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම් සලකා බලමින් එම ස්ථාන මාරුවීම් නැවතත් පෙබරවාරි 10වැනිදා සිට ක්‍රියත්මක කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.