සූරියවැව පොලීසියේදී පුද්ගලයෙකු මියයෑම සම්බන්ධයෙන් සූරියවැව පොලීසියේ සේවය නිලධාරීන් කළ සයදෙනෙකු අත්අඩංගුවට ගෙන අද (24දා) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සූරියවැව පොලීසිය විසින් පසුගිය 19 වැනිදා මත්පැන් ළඟ තබාගැනීමේ වරදට එල්.කේ. සමන්ත (34) නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 22 වැනිදා පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් ඇත.
පහරදීම හේතුවෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිවලින් ලේ ගැනීම් නිසා මෙම මරණය සිදුවූ බවට අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිවී ඇත.
රාහුල් සමන්ත - හම්බන්තොට