ඉකුත් 22 වැනිදා කහටගස්දිගිලිය නගරයේදී පොලිස් අණ නොතකා යතුරුපැදියක් ධාවනය කළ ආබාධිත යතුරුපැදිකරුවෙකුට පොලීසිය විසින් පහරදීමේ සිද්ධියේ යතුරුපැදිකරු වන බේත්කෑව, කහටගස්දිගිලිය ලිපිනයේ පදිංචි ජේ.කරුණාරත්න මහතා එම සිදුවීම සම්බන්ධයෙන් ‘අද’ටකරුණු දක්වමින් මෙසේ පැවසීය.
"මා එදින යතුරුපැදියෙන් කහටගස්දිගිලියට යමින් සිටියා. පොලිස් නිලධාරීන් යතුරුපැදිය නතර කරන ලෙසට සංඥා කළත් බොරු කකුලක් පැලඳ සිටීම නිසා තිරිංග පාගා ගැනීමට නොහැකිව මඳ දුරක් යතුරුපැදිය ධාවනය වුණා. පසුපස පන්නා ආ පොලීසියේ මහත්තුරු කොලරයෙන් අල්ලා මට පහරදුන්නා. එවිට මම පැවසුවා මමත් හමුදා නිල ඇඳුම් ඇඳපු, යුද්ධයේදී පාදයක් අහිමි වූ හිටපු අබාධිත සෙබළෙක් බව.නමුත් දෙනෝදාහක් බලා සිටියදී බිම පෙරළාගෙන මට පහරදුන්නා"
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්කරුණු දැනගැනීම සඳහාඅප කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රන්වලආරච්චි මහතා ඇමතූ අවස්ථාවේ ඔහු පැවසුවේ තමන්ට ප්‍රකාශ නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි.
මේ පිළිබඳව අප උතුරු මැද හා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදීඅදහස් දැක්වූ ඒ මහතා,
“කහටගස්දිගිලිය ලංකා බැංකුව අසල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු 22 වැනිදා හිස්වැසුම් නොමැතිව ධාවනය කළ යතුරුපැදියක් නවත්වන ලෙස සංඥා කළත්,ඒ අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරුපැදිය පසුපස ලුහුබැඳ ගොස් අල්ලාගෙන තිබෙනවා. එම අවස්ථාවේදී ආබාධිත යතුරුපැදිකරු විසින්ම තමාගේ බොරු කකුල ගලවා පසෙක දමා පොලිස් නිලධාරීන්ට පහර දී සපා කෑමට උත්සාහ කර තිබෙනවා.
එක් පාදයකින් සිටි එම පුද්ගලයා බිම ඇදවැටුණු පසු කොලරයෙන් ඔසවා පොලිස් නිලධාරීන් විසින් නැගිටුවා තිබෙනවා. එම අවස්ථාවේ යතුරුපැදිකරු බීමත්ව සිටි බවටද කරුණු අනාවරණය වී තිබෙනවා. අණ නොතකා යතුරු පැදියක් ධාවනය කිරීම, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති වීම, හිස්වැසුම් නොමැති වීම, පොලිස් නිලධාරීන්ට පහර දී රාජකාරියට බාධා කිරීම යන චෝදනා සම්බන්ධයෙන් කරුණු ගොනුකර එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.මෙම තැනැත්තාට එරෙහිව පෙර වැරදි 09ක්ද තිබෙනවා. එම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා පොලීසියේ දක්ෂ නිලධාරියෙකු බවට කරුණු අනාවරණය වී තිබෙනවා.කෙසේ වෙතත් අදාළ වීඩියෝ පටය නරඹා එම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ට වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේය.
.jpg)
.jpg)