මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල, තංගල්ල යන පූජා භූමී වන්දනාවෙහි පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය මත විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව හෙට (06දා) සිට 11 වැනිදා දක්වා ඉහත ප්රදේශයන් තුළ ඇති වැව්, ජලාශ, මුහුදු තීරයන් ආශ්රිතව සිදුවන අනතුරු අවම කිරීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා පොලිස් ජීවිතාරක්ෂක ප්රාදේශීය පුහුණු උපදේශකයන් විසින් පුහුණු කරන ලද ස්වේච්ඡා ජීවිතාරක්ෂකයන් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ හේතුවෙන් මෙම වැව්, ජලාශ, ඇළ මාර්ග භාවිත කරන මහජනතාව නිරන්තරයෙන් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.