මේ වසරේ ගෙවී ගිය මාස 10ක කාලය තුළදී පොලීසිය විසින් සැකකරුවන්ට වධහිංසා කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි 22 ක් ඉදිරිපත් වී තිබේ.
2006 වසරේ සිට මේ වසරේ ඔක්තෝබර් 25 වැනි දින දක්වා කාලය තුළදී පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි 393 ක් ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිලිවලට අනුව 2006 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ පැවැති නඩු විභාගවලින් පොලිස් නිලධාරීන් 12 දෙනෙකු වරදකරු වී 190 දෙනෙකු චෝදනාවලින් නිදහස් වී තිබේ.
තවත් පැමිණිලි 191 ක් විභාග වීමට නියමිතව ඇත.