මත්පැන් පානය කර රථවාහන ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා යොදා ගන්නා බැලුන් හෙවත් ස්වසන නළ පනස්දහසක් දකුණු අප්‍රිකාවෙන් පොලිස් දෙපාර්තමේන්තුව මගින් මෙරටට ගෙන්වා ඇති අතර දිවයින පුරා පිහිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාස 43ට ඒවා දැනටමත් බෙදාහැර ඇති බවයි පොලිස් දෙපාර්තමේන්තුව පැවසීය.
මෙම එක් ස්වසන නළයක වටිනාකම රුපියල් 300කට ආසන්න වන අතර මේවා වැඩිම ප්‍රමාණයක් බෙදාහැර ඇත්තේ කොළඹ, ගම්පහ සහ නුගේගොඩ යන ප්‍රදේශවලට අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසවලට බවත් පොලිස් දෙපාර්තමේන්තුව පැවසීය