දමන ප්රාදේශීය සභාවේ සභාපති එහි සේවය කරන කළමනාකරණ සහකාරවරියකට ඊයේ (04 දා) පොතකින් සහ අතින් පහරදීම නිසා ඇය අම්පාර රෝහලට ඇතුළත් කර ඇත.
ප්රාදේශීය සභාවේ අයවැය සකස් කිරීමේ සිද්ධියක් මුල්කරගෙන මෙම පහරදීම සිදුකළ බව පහරකෑමට ලක්වූ එමි.ඩී. ශ්රියාලතා මහත්මිය පැවසුවාය.
සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනාම අම්පාර පොලීසියට පැමිණිලි කර ඇති අතර, සභාපතිවරයාද අසනීප තත්ත්වයක් හේතුවෙන් දමන රෝහලට ඇතුළත් වී තිබේ.