පොලීසිය සම්බන්ධයෙන් ලැබූ පැමිණිලි 120 ක් සඳහා විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.
පොලීසිය නිසි පරිදි ක්රියාත්මක නොවීම, පක්ෂපාත වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව ලේකම් ආරියදාස කුරේ මහතා ප්රකාශ කළේය.
ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 9 ගොඩනැගිල්ල, බණ්ඩාරනායක සම්මන්ත්රන ශාලා පරිශ්රය, කොළඹ 07 ලිපිනයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ද, ඔහු සඳහන් කළේ ය.