ශ්‍රී ලංකා පොලීසියට වසර 152 ක් පිරීම නිමිත්තෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී සහ සෑම පොලිස් ස්ථානයකම සමරු උත්සව පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ගෙවීගිය වසර 152 ක කාලය තුළදී රජ ජාතිය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3110 ක් දිවි පුදා තිබෙන බවත්, ඉන් 15 දෙනෙකු කාන්තා නිලධාරිනියන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මියගොස් ඇති පොලිස් නිලධාරීන් 3110 ක ප්‍රමාණයෙන් 2594 දෙනෙකු මියගොස් තිබෙන්නේ තිස් අවුරුදු යුද්ධය නිසාය.
152 වැනි පොලිස් විරු දිනයේ ප්‍රධාන උත්සවය හෙට (21දා) කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.