මාර්ග නීති කඩකරමින් වාහන ධාවනය කරන රියඳුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව කොළඹ නගරය පුරා සතියක කාලයක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මාර්ග නීති උල්ලංගණය කරන රියදුරන් හඳුනා ගැනීමට නියමිතය.
මෙහිදී එම පොලිස් නිලධාරීන් සාමාන්‍ය වාහනය වලින් ගමන් කරන අතර ඉන් අනතුරුව මාර්ගයේ රාජකාරී සඳහා යොදවා ඇති නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා වැරදිකරුවන් හඳුනා ගැනීමට නියමිතය.