පොලීසිය වර්තමානයට ගැළපෙන ලෙස ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මේ මස 11 වැනිදා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
රාජ්‍ය පරිපාලන,නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
පොලීසිය වර්තමානයට ගැළපෙන ලෙස සකස් කිරීම පිළිබඳ අයර්ලන්තයේ විශේෂඥයන්ගේ හා එරටේ හිටපු පොලිස්පතිවරයෙකුගේ උපදෙස් ලැබී තිබෙන බවද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.
පොලීසිය, ප්රතිසංවිධාන කටයුතු කිරීමේදී ක්‍රියාකාරීත්වය හා පරිපාලනය වෙනස් කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර අවශ්‍ය කටයුතු කිරීමටද නියමිතව තිබේ.
මීට අමතරව පොලිස් නිල ඇඳුම්, පොලිස් උසස්වීම්, වැටුප් ගැටලු, බඳවාගැනීම ක්‍රමවේද පවා වර්තමානයට ගැළපෙන ලෙස ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර තිබේ.