කොස්ගම නගරයේ පාර හරහා ගමන් කරමින් සිටි මව හා සීයා සමග මාර්ගය හරහා ගමන් කරමින් සිටි දරුවෙකු ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. අද පෙරවරු 8.50ට පමණ මෙම අනතුර සිදුව තිබෙන අතර එහිදී දරුවා සුලු තුවාල ලබා අවිස්සාවෙල්ල රෝහලට අතුළත් කර තිබේ.
මෙම දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත අයෙක් වූ අතර ඔහුට විභාගය තිබුණේ සුමේධ විද්‍යාලයේය. වහාම ක්‍රියාත්මක වූ කොස්ගම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. අයි. ගමගේ මහතා සිදුවීම පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් දැනුවත් කර ඔහුට අවිස්සාවෙල්ල ජනාධිපති විදුහලේ විභාගය ලිවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට තිබේ. අනතුරට අදාල ත්‍රී රෝද රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගැනීමටත් පොලීසිය සමත්ව තිබේ.