දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සමග තමාට අනුගාමිකයන් සමග මහනුවර නගර සීමාවේදී ජනසටන පාද යාත්රාවට සහභාගි වීම තහනම් කරමින් පොලීසිය අධිකරණයේ වාරණ නියෝගයක් ලබාගෙන ඇත්තේ පහත් මට්ටමේ දේශපාලනයක යෙදෙමින් බව පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙළිය රඹක්වැල්ල මහතා පැවසීය.
රටේම අවධානය දිනා ගනිමින් පාද යාත්රාවේ ප්රගතියක් ඇතිවී තිබෙන මොහොතක එය ඉවසා ගත නොහැකිව ආණ්ඩුව විසින් ශ්රී ලංකා පොලීසිය එක්සත් ජාතික පක්ෂයේ පොලීසියක් බවට පත්කර ඇතැයිද ඒමහතා ප්රකාශ කළේය.