කැළි කසළ ඉවත් කිරීමට හමුදාව යොදවා නොමැති බවත්, එහෙත් නීති විරෝධී ආකාරයට කැළි කසළ බැහැර කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියෙන් ඉල්ලීමක් කළහොත් හමුදාව යොදවන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව කොළඹ, කොළොන්නාව, කඩුවෙල ප්‍රදේශවල කැළි කසළ බැහැර කර තිබෙන ආකාරය පිළිබඳ අදාළ ආයතන දැනුවත් කිරීමට ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙන බවද ඔහු පවසා සිටියේය. මෙම බල ප්‍රදේශ තුළ ත්‍රිවිධ හමුදා ඒකක 06ක් ක්‍රියාත්මක බවද බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේය.