පොලිස් කණ්ඩායම් හතරක් යොදවා සති තුනක කාලයක් පුරාවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කළද එහිදී පොලීසිය අසාර්ථක වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (21දා) එක්වෙමින් ජයකොඩි මහතා මේ බව කීවේය. ඥානසාර හිමියන් උසාවිට ඉදිරිපත්වන තුරුම උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මන්දැයි මාධ්‍යවේදීන් විමසීමේදී හෙතෙම මේබව කියා සිටියේය.
සාමාන්‍ය පුද්ගලයෙකු සහ භික්ෂූන්වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේද දෙකක් තිබෙන අතර පන්සලක් තුළට ගොස් භික්ෂූන්වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීම අපහසු බව ප්‍රියන්ත ජයකොඩි මහතා කීය. එය සංස්කෘතිමය ගැටලුවක් බවද ඔහු කීය.
අපි පුළුවන්තරම් උත්සහ කළා. නමුත් අපට බැරි වුණා උන්වහන්සේ අත්අඩංගුවට ගන්න.
(මාධ්‍යවේදීන්) - ඒකියන්නේ පොලීසිය අසාර්ථකවුණා?
(පොලිස් මාධ්‍ය ප්‍රකාශක) - පොලීසිය සමහර අවස්ථාවලදී සාර්ථක වෙනවා. සමහර අවස්ථාවලදී අසාර්ථක වෙනවා.
(මාධ්‍යවේදීන්) - ඥානසාර හිමියන් උසාවියට ගෙන එන අවස්ථාවේදීවත් අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ ඇයි?
(පොලිස් මාධ්‍ය ප්‍රකාශක) - එහෙම කළා නම් ඒක උසාවියට අපහාසයක්.
(මාධ්‍යවේදීන්) - නමුත් මීට පෙර එවැනි දේ සිදුවෙලා තිබෙනවා
(පොලිස් මාධ්‍ය ප්‍රකාශක) - ඒක මෙතැනදී ගැළපෙන්නෙ නැහැ
(මාධ්‍යවේදීන්) - උසාවිට ඉදිරිපත්වෙනතුරුම උන්වහන්සේ අත්අඩංගුවට ගන්න බැරිවුණේ ඥානසාර හිමියන් සහ පොලීසිය අතර අවබෝධයක් තිබුණු නිසාද?
(පොලිස් මාධ්‍ය ප්‍රකාශක) - නැහැ, එහෙම කිසිම අවබෝධයක් තිබුණේ නැහැ.