මැතිවරණ නීති රීති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලීසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව ක්ෂණිකව ක්රියාත්මක වීම ප්රශංසනීය බව කැෆේ සංවිධානය කියයි. එහි විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන කළේ පසුගිය නාම යෝජනා දිනයේ සහ ඉන් පසුව පොලීසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව අකුරට මැතිවරණ නීති ක්රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි.
මහ මැතිවරණය ප්රකාශයට පත්කළ අවස්තාවේ සිට අද දක්වා කැෆේ සංවිධානය වෙත සිදුවීම් 235ක් වාර්තා වී ඇති බවද එයින් 213ක් මැතිවරණ නීති උල්ලංගණය කිරීම් බවද කැෆේ සංවිධානය පවසයි. එයින් 144ක්ම රාජ්ය දේපළ අයථා පරිහරණය කිරීම්වන බවත් සංවිධානය සඳහන් කරයි.