සේවයේ අවශ්‍යතා මත පොලිස්පතිවරයා විසින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ඒ අනුව යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එෆ්.යු.කේ. වෝල්ටර් මහතා පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇති බවත්
ඩි.ඩි.බි.වීරසිංහ මහතා යාපනය කොට්ඨාශයේ සිට යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලෙස මාරුකර යවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
වංචා විමර්ශන ඒකකයේ කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඩි.එන්.කුලතුංග මහතා මොරවැව ස්ථානාධිපතිවරයා ලෙසත් වීරගුල ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක යු.එච්.සිරිපාල මහතා තංගල්ල කොට්ඨාශයට මාරු කර ඇති බවත් කලවාන ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක ඒ.එම්.පි.අබේසිංහ මහතා නුවරඑළිය කොට්ඨාශයට මාරුකර යවා ඇතිබවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.