ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අධ්‍යාපන බලධාරීන් විසින් විසඳිය යුතු ප්‍රශ්න පොලිසිය විසින් විසඳීමට ඉදිරිපත්වීම බරපතල තත්වයක් බව ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. මේ හේතුවෙන් නැවත වරක් උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටුම්කාරී සහ අස්ථාවර පරිසරයක් ගොඩනැගී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඊයේ ( 29) දින කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ සාමකාමී උද්ඝෝෂණයට පොලිසිය විසින් එල්ල කළ කුරිරු සහ මර්ධනකාරී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි. උද්ඝෝෂණ පැවැත්වීමකින් තොරව තම ප්‍රශ්ණ කෙරෙහි අවධානය යොමුකරගත නොහැකි තත්වයකට පත්ව ඇති ක්ෂේත්‍ර අතර උසස් අධ්‍යාපන ක්ෂේත්රය මේ වනවිට ප්රමුඛ ස්ථානයකට පත්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
ඉතා දිගු කලක් දැඩි ලෙස නොතකා හරින ලද සහ සිසුන් සහ අදහස් මර්ධනය ම පමණක් එකම විසඳුම ලෙස තෝරා ගැනීම හේතුවෙන් දශකයකට වැඩි කාලයක් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති තත්වයකට පත්ව ඇත. මේ සඳහා සියුම් සහ තිරසාර විසඳුම් ජාතික මට්ටමින් ලබාදිය යුතුව ඇති බව ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ වරයා අවධාරණය කරයි.